Sri Lanka Navy – Official Logo

නීති විරෝධී ලෙස මෙරටට රැගෙන ආ කුළුබඩු තොගයක් බත්තලන්ගුණ්ඩුවේදී නීතියේ රැහැනට

24 Aug 2026

ශ්‍රී ලංකා නාවික හමුදාව, කල්පිටිය බත්තලන්ගුණ්ඩුව, සින්නගුණ්ඩුව වෙරළ ප්‍රදේශයේ 2026 අගෝස්තු මස 23 වැනි දින සිදුකල විශේෂ සෝදිසි මෙහෙයුමක් මඟින්, නීති විරෝධී ලෙස මෙරටට රැගෙන ආ වියලි ඉඟුරු සහ එනසාල් පොතු තොගයක් නීතියේ රැහැනට හසුකර ගැනීමට කටයුතු කෙරිණි.

ඒ අනුව, වයඹ නාවික විධානයේ ශ්‍රී ලංකා නාවික නෞකා විජය ආයතනය විසින් බත්තලන්ගුණ්ඩුව සින්නගුණ්ඩුව වෙරළ ප්‍රදේශයේ සිදු කරන ලද මෙම විශේෂ සෝදිසි මෙහෙයුමේදී, එම වෙරළ ප්‍රදේශයේ තිබූ සැකකටයුතු උර දහතුනක් (13) පරීක්‍ෂාවට ලක් කෙරිණි. එහිදී, එම උර තුළ තිබී වියලි ඉඟුරු කිලෝග්‍රෑම් දෙසීය හැට හතරක් (264) සහ එනසාල් පොතු කිලෝග්‍රෑම් හැට නවයක (69) තොගයක් මෙලෙස නීතියේ රැහැනට හසුකර ගැනීමට කටයුතු කෙරිණි.

තවද, මෙම මෙහෙයුම මඟින් නීතියේ රැහැනට හසුකර ගත් කුළුබඩු තොගය, ඉදිරි නීතිමය කටයුතු සඳහා කල්පිටිය පොලිස් ස්ථානය වෙත භාර දීමට කටයුතු කෙරිණි.

Accessibility Tools