නාවික හමුදාව නීති විරෝධි ධීවර කටයුතු මැඩපැවැත්වීමේ මෙහෙයුම් මඟින් පුද්ගලයින් 28ක් නීතිය හමුවට
ශ්‍රී ලංකා නාවික හමුදාව, 2026 ජූලි මස 01 සිට 15 දක්වා කාල සීමාව තුල දේශීය ජල තීරය ආවරණය වන පරිදි සිදුකල මෙහෙයුම් මඟින්; නීති විරෝධි ක්‍රම භාවිතයෙන් ධීවර කටයුතු සිදුකළ පුද්ගලයන් විසි අටක් (28) සමඟ ඩිංගි යාත්‍රා දොලහක් (12), ට්‍රැක්ටර් රථ හතරක් (04) සහ වෑන් රථයක් (01) නීතිය හමුවට පැමිණවිමට කටයුතු කෙරිණි.
ඒ අනුව, ත්‍රිකුණාමලය මාවඩි ඕඩි, කදිරවේලි, නයාරු, බ්ලැක් පොයින්ට්, යාපනය වෙත්තලකේණි සහ කඩ්ඩයිකාඩු වෙරළ හා මුහුදු ප්‍රදේශ ආවරණය වන පරිදි, නැගෙනහිර සහ උතුරු නාවික විධාන විසින් සිදුකළ මෙම මෙහෙයුම් මඟින් අත්අඩංගුවට ගත් සැකකරුවන්, ධීවර යාත්‍රා, ට්‍රැක්ටර් රථ, වෑන් රථය සහ තහනම් ධීවර ආම්පන්න ඉදිරි නීතිමය කටයුතු සඳහා මුලතිව්, යාපනය, කොඩ්බේ, වාලච්චේනයි යන ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තු කාර්යාලයන් වෙත සහ මරදන්කේනි පොලිස් ස්ථානය වෙත භාරදීමට කටයුතු කෙරිණි.