Sri Lanka Navy – Official Logo
SPORT NEWS 2026

‘අන්තර් විධාන අත්පන්දු තරඟාවලිය - 2026’ සාර්ථකව නිමාවට පත්වෙයි

14 Aug 2026

‘අන්තර් විධාන අත්පන්දු තරඟාවලිය - 2026’ ශ්‍රි ලංකා නාවික නෞකා නිපුණ ආයතනයේ ක්‍රීඩා පිටියේදී, 2026 අගෝස්තු මස 10 වන දින සිට 13 වන දින දක්වා පැවැත්වුණු අතර, දකුණු නාවික විධානයේ නියෝජ්‍ය ආඥාපති කොමදෝරු අරුණ වීරසිංහ ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් සහභාගී වු මෙම තරඟාවලියේ අවසන් තරඟයන්ගෙන්, දියත් විධානය සහ පුහුණු නාවික විධානය පිළිවෙලින් පිරිමි හා කාන්තා ශූරතාවයන් හිමි කර ගැනීමට සමත් විය.

තවද, තරඟාවලියේ හොදම ප්‍රහාරකයා ලෙස නැගෙනහිර නාවික විධානය නියෝජනය කල නායක නැවි අනුරුද්ධද, හොඳම ප්‍රහාරිකාව ලෙස පුහුණු විධානය නියෝජනය කළ නායක කාන්තා සංඥා ජීබීඑච්එල් ගමගේද, දක්ෂතම ක්‍රීඩකයාට හිමි කුසලානය දියත් විධානය නියෝජනය කළ නායක ශාරීරික අභ්‍යාසක ජීඒආර්බී ජයකොඩිද, දක්ෂතම ක්‍රිඩිකාව ලෙස පුහුණු විධානය නියෝජනය කල සාමාන්‍ය නැවි කාන්තා ශාරිරික අභ්‍යාසක ඩිඒකේඑන් කුමාරිද, දක්ෂතම දැල් රකින්නා ලෙස දියත් විධානය නියෝජනය කළ ලුතිනන් කොමාණ්ඩර් ඊඑච් අංගම්මන සහ හොඳම දැල් රකින්නිය ලෙස පුහුණු විධානය නියෝජනය කළ බල කාන්තා ශාරීරික අභ්‍යාසක කේයූඑන් මධුවංශීද එහිදී, කුසලාන හිමි කර ගැනීමට සමත් විය.

මෙම අවස්ථාව සඳහා දකුණු නාවික විධානයේ දෙපාර්තමේන්තු ප්‍රධානීන්, ශ්‍රීලංනානෞ නිපුණ ආයතනයේ අණදෙන නිලධාරී ඇතුළු නිලධාරීන් සහ නාවිකයින් පිරිසක් සහභාගී වූහ.

Accessibility Tools