Sri Lanka Navy – Official Logo
SPORT NEWS 2026

ලුතිනන් කොමාණ්ඩර් ආරච්චිගේ නිශ්ශංක ගෙන් ජාත්‍යන්තර ටයිකොන්ඩෝ ජයග්‍රහනයන්

13 Aug 2026

ශ්‍රී ලංකා නාවික හමුදාවේ ලුතිනන් කොමාන්ඩර් ආරච්චිගේ නිශ්ශංක දකුණු කොරියාවේ පැවති ජාත්‍යන්තර ටයිකොන්ඩෝ තරගාවලින් සඳහා සහභාගී වෙමින්, ජාත්‍යන්තර පදක්කම් හතරක් දිනා ගනිමින් මව් බිමටත් නාවික හමුදාවටත් කීර්තියක් අත්කර දීමට සමත්ව විය.

නාවික හමුදාවේ ලුතිනන් කොමාණ්ඩර් ආරච්චිගේ නිශ්ශංක දකුණු කොරියාවේ Chuncheon නගරයේ 2026 ජූලි මස 20 වන දින සිට 23 වන දින දක්වා පැවති ‘Chuncheon Open International Taekwondo Championship’ තරගාවලිය සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගි වී ලෝකඩ පදක්කම් දෙකක් (02) දිනා දීම‍ට සමත් වු අතර, දකුණු කොරියාවේ සෝල් නගරයේ, Kukkiowon හි ලෝක ටයිකොන්ඩෝ මූලස්ථානයෙහි 2026 අගෝස්තු මස 01 වන දින සිට 09 වන දින දක්වා පැවති ‘World Taekwondo Festival’ තරගාවලියේදී තවත් රිදී පදක්කමක් (01) සහ ලෝකඩ පදක්කමක් (01) මවුබිම වෙත දිනා දීම‍ට සමත් විය.

Accessibility Tools