සියළු පුවත්

සාගර කළාපය ඔස්සේ සිදු කෙරෙන නීති විරෝධි කටයුතු මැඩ පැවැත්වීම සඳහා දේශිය ධීවර ප්‍රජාව දැනුවත් කිරීමේ වැඩසටහනක් කොළඹදී

මෙරට සාගර කලාපයේ නීතීවිරෝධී කටයුතු මැඩපැවැත්වීම සඳහා ධීවර ප්‍රජාව දැනුවත් කිරීමේ වැඩසටහනක්, නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා ගේ සහ ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුවේ අධ්‍යක්‍ෂ ජෙනරාල්, සුසන්ත කහවත්ත මහතා...

2023-02-25

රුපියල් මිලියන 14 කට අධික දළ වීථි වටිනාකමින් යුත් කේරළ ගංජා තොගයක් උතුරු මුහුදේ දී නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව 2023 පෙබරවාරි මස 20 වන දින යාපනය, ඩෙල්ෆ්ට් දූපතට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේ සිදුකල මුර සංචාරයකදී, කේරළ ගංජා කිලෝග්‍රෑම් 44 කට අධික තොගයක් (‍තෙත බර සහිත) නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි. ...

2023-02-25

මත්ද්‍රව්‍ය සහ අපරාධ සම්බන්ධ එක්සත් ජාතීන්ගේ කාර්යාලයේ ගෝලීය සමුද්‍රීය අපරාධ වැඩසටහනේ ප්‍රධානී සහ නාවික හමුදාධිපති අතර හමුවක්

එක්සත් ජාතීන්ගේ මත්ද්‍රව්‍ය හා අපරාධ පිළිබඳ කාර්යාලයේ ගෝලීය සමුද්‍රීය අපරාධ වැඩසටහනේ ප්‍රධානී Siri Bjune මහත්මිය (Head of Global Maritime Crime programme of United Nations Office on Drugs & Crime) ඇතුළු දූත පිරිසක් නිල හමුවක් සඳහා අද දින (2023 පෙබරවාරි 24) නාවික හමුදා මූලස්ථානයේදි, නාවි...

2023-02-25

නීති විරෝධී ලෙස ධීවර කර්මාන්ත‍යේ යෙදුනු පුද්ගලයින් 15 ක් උතුරු මුහුදේදී නාවික හමුදා භාරයට

නාවික හමුදාව යාපනය, මණ්ඩතිව් දූපතට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේදී සහ වෙත්තලකේනි ප්‍රදේශයට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේ 2023 පෙබරවාරි මස 22 වන දින රාත්‍රියේ සහ අද දින (2023 පෙබරවාරි 23) උදෑසන සිදුකල සෝදිසී මෙහෙයුම් මඟින් නීතී විරෝධි ලෙස ...

2023-02-24

නාවික හමුදා මෙහෙයුම් කටයුතු වෙනුවෙන් දේශීයව නිර්මාණය කල විශේෂ මෝටර් රථ 03 ක් නාවික හමුදාධිපති වෙත නිල වශයෙන් භාරදෙයි

ශ්‍රී ලංකා නාවික හමුදවේ මෙහෙයුම් කටයුතු වෙනුවෙන් Ideal Motors සමාගම විසින් දේශීයව නිර්මාණය කර එකලස් කරන ලද විශේෂිත මාදිලයේ මෝටර් රථ 03 ක් (All Terrain Vehicles - ATV) එම සමාගමේ සභාපති නලීන් වෙල්ගම මහතා විසින් නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් ප්‍රියන්...

2023-02-23

නීති විරෝධී ලෙස විකිණීමට සූදානම් කර තිබූ විදේශීය දුම්වැටි 1000 ක් සමඟ සැකකරුවන් 02 ක් මන්නාරමේදී නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව මන්නාරම තාවුල්පාඩු ප්‍රදේශයේ 2023 පෙබරවාරි මස 21 වන දින සිදුකල විශේෂ සෝදිසි මෙහෙයුමකදී, නීති විරෝධී ලෙස අලෙවි කිරීමට සූදානම් කර තිබූ විදේශීය දුම්වැටි 1000 ක පමණ තොගයක් සමඟ සැකකරුවන් දෙදෙනෙකු (02) නාවික හමුදා භා...

2023-02-23

නාවික පර්යේශණ ඒකකය විසින් ප්‍රකාශයට පත් කෙරෙන නාවික සඟරාවෙහි එකොළොස්වන කලාපය එළිදකී

ශ්‍රී ලංකා නාවික හමුදාවේ පර්යේශණ ඒකකය විසින් ප්‍රකාශයට පත් කෙරෙන නාවික සඟරාවෙහි (Sri Lanka Navy Journal) එකොළොස්වන කලාපය නාවික හමුදා පර්යේශණ ඒකකයේ ප්‍රධානි, කපිතාන් අරුණ විජයවර්ධන විසින් අද දින (2023 පෙබරවාරි 22) නාවික හමුදා මූලස්ථානයේදී නාවික ...

2023-02-23

නීති විරෝධී ලෙස මෙරටට රැගෙන ආ බීඩි කොළ කිලෝ ග්‍රෑම් 1508 ක තොගයක් සමඟ සැකකරුවන් 03 ක් කල්පිටියේදී නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව කල්පිටිය, ආනවාසල ප්‍රදේශයේ 2023 පෙබරවාරි මස 21 වන දින රාත්‍රී කාලයේ සිදුකල විශේෂ සෝදිසි මෙහෙයුමකදී, නීති විරෝධී ලෙස මෙරටට රැගෙන විත් ප්‍රවාහනය කිරීමට සූදානම් කරමින් තිබූ බීඩි කොළ කිලෝ ග්‍රෑම් 1508 ක තොගයක් සහ...

2023-02-22

ඉන්දුනීසියානු නාවික හමුදාවට අයත් ‘KRI Raden Eddy Martadinata - (REM - 331)’ යුද නෞකාව දිවයිනෙන් පිටත් වෙයි

2023 පෙබරවාරි මස 19 වන දින දෙදින නිල සංචාරයක් සඳහා කොළඹ වරායට සේන්දු වූ ඉන්දුනීසියානු නාවික හමුදාවට අයත් ‘KRI Raden Eddy Martadinata - (REM - 331)’ යුද නෞකාව නිල සංචාරය සාර්ථකව අවසන් කරමින් අද දින (2023 පෙබරවාරි 21) උදෑසන දිවයිනෙන් පිටත්ව යන ලදී. ...

2023-02-21

‘KRI Raden Eddy Martadinata - 331’ නෞකාවේ අණදෙන නිලධාරී සහ ශ්‍රී ලංකා නාවික හමුදාවේ නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී අතර හමුවක්

නිල සංචාරයක් සඳහා දිවයිනට සේන්දු වූ ඉන්දුනීසියානු නාවික හමුදාවට අයත් ‘KRI Raden Eddy Martadinata - 331’ යුද නෞකාවේ අණදෙන නිලධාරී Captain Nopriadi, M. Tr. Hanla ඇතුළු දූත පිරිසක් අද දින (2023 පෙබරවාරි 20) නිල හමුවක් සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාවේ නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධ...

2023-02-21

“අමාන් - 2023” බහුපාර්ශවික සාගරික අභ්‍යාසයට සහභාගී වූ සමුදුර නෞකාව දිවයිනට පැමිණෙයි

පාකිස්ථානු නාවික හමුදාව විසින් “සාමය සහ ආරක්‍ෂාව සඳහා එක්ව” (Together for Peace and security) යන තේමාව පෙරදැරිව අටවැනි වරටත් සංවිධානය කරනු ලැබූ අමාන් - 2023 (AMAN - 2023) බහුපාර්ශවික සාගරික අභ්‍යාසය සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාව නියෝජනය කරමින් සහභාගී වූ ශ්‍...

2023-02-21

නාවික හමුදා කඩොලාන සංරක‍්‍ෂණ ව්‍යාපෘතිය යටතේ ස්ථාපනය කළ කඩොලාන පැළ තවානක් උතුරු මැද නාවික විධානයේදී විවෘත කෙරේ

නාවික හමුදා කඩොලාන සංරක්‍ෂණ ව්‍යාපෘතිය යටතේ උතුරු මැද නාවික විධානයේ ස්ථාපනය කරන ලද කඩොලාන පැළ තවාන අද දින (2023 පෙබරවාරි 20) උතුරු මැද නාවික විධානයේ ආඥාපති, රියර් අද්මිරල් ප්‍රසාද් කාරියප්පෙරුම ගේ ප්‍රධානත්වයෙන් විවෘත කෙරිණි. ...

2023-02-20

කළුගං මෝය ප්‍රදේශය ආවරණය වන පරිදි කඩොලාන පැළ රෝපණ වැඩසටහනක්

නාවික හමුදා කඩොලාන සංරක්‍ෂණ ව්‍යාපෘතිය යටතේ 2023 පෙබරවාරි මස 19 වන දින කළුතර කළුගං මෝය ආශ්‍රිත ප්‍රදේශය ආවරණය වන පරිදි කඩොලාන පැළ රෝපණය කිරීමේ වැඩසටහනක් සිදු කෙරිණි. ...

2023-02-20

ඉන්දුනීසියානු නාවික හමුදාවට අයත් ‘KRI Raden Eddy Martadinata - 331’ නෞකාව නිල සංචාරයක් සඳහා කොළඹ වරායට සේන්දු වෙයි

ඉන්දුනීසියානු නාවික හමුදාවට අයත් ‘KRI Raden Eddy Martadinata - 331’ යුද නෞකාව නිල සංචාරයක් සඳහා අද දින (2023 පෙබරවාරි 19) උදෑසන කොළඹ වරායට සේන්දු වූ අතර, ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් එම නෞකාව නාවික හමුදා සම්ප්‍රදායානුකුලව පිළිගැනීමට කටයුතු කෙරිණි. ...

2023-02-19

නීති විරෝධී ලෙස මෙරටට රැගෙන ඒමට උත්සහ කළ බීඩි කොළ තොගයක් නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව, මීගමුව, පෝරුතොට මුහුදු ප්‍රදේශයේ 2023 පෙබරවාරි මස 18 වන දින උදෑසන සිදුකල විශේෂ සෝදිසි මෙහෙයුමකදී, එම මුහුදු ප්‍රදේශයේ පාවෙමින් තිබූ නීති විරෝධී ලෙස මෙරටට රැගෙන ඒමට උත්සාහ කළ බවට සැකකෙරෙන බීඩි කොළ කිලෝ ග්‍...

2023-02-19