Sri Lanka Navy – Official Logo
EVENT NEWS 2026

නාවික හමුදා උත්තමාචාර මැද 26 වන නාවික හමුදාධිපති අද්මිරාල් කාන්චන බානගොඩ නාවික හමුදා සේවයෙන් විශ්‍රාම ලබයි

01 Jul 2026

ශ්‍රී ලංකා නාවික හමුදාවේ 26 වන නාවික හමුදාධිපති වශයෙන් 2024 වර්ෂයේ දෙසැම්බර් මස 31 වැනි දින සිට කටයුතු කල අද්මිරාල් කාන්චන බානගොඩ සිය වසර 36 කට අධික සේවා කාලය අවසන් කරමින් අද (2026 ජුලි 01) විශ්‍රාම ලැබීම සිදු කෙරිණි.

ඒ අනුව, අද (2026 ජුලි 01) උදෑසන නාවික හමුදා සම්ප්‍රදායානුකූලව නාවික හමුදාධිපති ධූරයේ රාජකාරීන් අභිනව නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් ඩේමියන් ප්‍රනාන්දු වෙත භාරදීමෙන් අනතුරුව, නාවික හමුදා සම්ප්‍රදායානුකූලව විශේෂ සම්මාන මුරයක් මඟින් ඔහු වෙත උත්තමාචාරය පුද ‍කෙරිණි.

අභිනව නාවික හමුදාධිපති ඇතුළු නාවික හමුදා කළමණාකරන මණ්ඩලය සහ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් විසින් සමුදීමෙන් පසු, නාවික හමුදා රථ පෙළපාලියකින් නාවික හමුදා මූලස්ථානයෙන් විශ්‍රාමලත් 26 වන නාවික හමුදාධිපති පිටව යන මොහොතේ, ජ්‍යෙෂ්ඨ සහ කනිෂ්ඨ නාවිකයින් මාර්ගය දෙපස රැඳී සිටිමින් නාවික හමුදා සම්ප්‍රදායානුකූලව සුභාශිංසන පිරිනැමීම සිදුකෙරිණි.

Accessibility Tools