Sri Lanka Navy – Official Logo
EVENT NEWS 2026

සුහද සංචාරයක් සඳහා දිවයිනට පැමිණි පාකිස්ථානු නාවික හමුදාවට අයත් ‘PNS TAIMUR’, ‘PNS ASLAT’ නෞකාවන් සහ PNS/M HANGOR සබ්මැරීනය දිවයිනෙන් පිටත්වෙයි

04 Jun 2026

පාකිස්ථානු නාවික හමුදාවට අයත් ‘PNS TAIMUR’, ‘PNS ASLAT’ නෞකාවන් සහ PNS/M HANGOR සබ්මැරීනය සුහද සංචාරයක් සඳහා 2026 ජුනි මස 01 වැනි දින දිවයිනට පැමිණි අතර, සුහද සංචාරය අවසන් කරමින්, එම නෞකාවන් සහ සබ්මැරීනය 2026 ජුනි මස 04 වැනි දින දිවයිනෙන් පිටත් විය. ‘PNS TAIMUR’, ‘PNS ASLAT’ නෞකාවන් සහ PNS/M HANGOR සබ්මැරීනය වෙත ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් නාවික හමුදා සම්ප්‍රදායානුකූලව සමුදීම කොළඹ වරායේදී සිදු කෙරිණි.

මෙම නෞකාවන් දිවයිනේ රැදී සිටි කාලයේදී නෞකාවන්හි අණදෙන නිලධාරීන් සහ බටහිර නාවික විධානයේ ආඥාපති හා ධජ නිලධාරී නාවික දියත් විධානය අතර නිල හමුවන් බටහිර විධාන මූලස්ථානයේදී පැවැත්විණි.

තවද, එම නෞකාවන් හා සබ්මැරීනය නැරඹීම සඳහා ශ්‍රී ලංකා නාවික හමුදා පුද්ගලයන්හට අවස්ථාව හිමි වූ අතර, එම නෞකාවන් හා සබ්මැරීනයේ කාර්යය මණ්ඩලය දිවයිනේ සංස්කෘතිකමය වශයෙන් වැදගත් ස්ථාන කිහිපයක සංචාරයකද නිරත විය.

Accessibility Tools