ශ්‍රී ලංකා නාවික හමුදාව 2570 වන ශ්‍රී සම්බුද්ධ ජයන්ති වෙසක් මංගල්‍යය උත්කර්ෂවත්ව සමරයි
2026 මැයි මස 30 වන දිනට යෙදුණු 2570 වැනි ශ්‍රී සම්බුද්ධ ජයන්ති වෙසක් මංගල්‍යය නිමිත්තෙන්, සම්බුදු තෙමඟුල සැමරීම වෙනුවෙන්, නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් කාන්චන බානගොඩගේ උපදෙස් හා මඟපෙන්වීම යටතේ ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් සියලු නාවික විධාන ආවරණය වන පරිදි බෞද්ධ ආගමික වැඩසටහන් මාලාවක් සංවිධානය කරන ලදී. එම වැඩසටහන් මාලාව ආමිස සහ ප්‍රතිපත්ති පූජාවන්ට ප්‍රමුඛත්වය ලබා දෙමින්, ආධ්‍යාත්මික සංවර්ධනය මූලික කරගනිමින් ක්‍රියාත්මක කෙරිණි.
ඒ අනුව, මාතර තිහගොඩ මිදෙල්ලවල පුරාණ විහාරස්ථානය කේන්ද්‍ර කරගනිමින් පැවැත්වූ රාජ්‍ය වෙසක් මහෝත්සවයට සමගාමීව දිවයිනේ අනෙකුත් ප්‍රදේශයන් හි පැවති වෙසක් කලාපයන් සඳහාද ශ්‍රී ලංකා නාවික හමුදාව සිය ශ්‍රම දායකත්වය, තාක්‍ෂණික සහ වෘත්තීයමය සහයෝගය ලබාදෙමින්, බුදු දහමේ එන කරුණාව, මෛත්‍රිය, දයාව සහ යහපත් සමාජ හර සංකල්පයන් පවර්ධනය සඳහා වු නාවික හමුදාවේ කැපවීම පෙන්නුම් කරන ලදි.