Sri Lanka Navy – Official Logo
EVENT NEWS 2026

උතුරු නාවික විධානයේ අභිනව ආඥාපති ලෙස රියර් අද්මිරාල් ධම්මික විජේවර්ධන වැඩ භාර ගනියි

04 Aug 2026

උතුරු නාවික විධානයේ අභිනව ආඥාපති ලෙස පත් කෙරුණු රියර් අද්මිරාල් ධම්මික විජේවර්ධන අද දින (2026 අගෝස්තු 04) උතුරු නාවික විධාන මූලස්ථානයේදී එම විධානයේ ආඥාපති ධූරයේ රාජකාරී නිල වශයෙන් භාර ගැනීම සිදු කෙරිණි.

නාවික හමුදා සම්ප්‍රදායානුකූල අභිනව ආඥාපති උතුරු නාවික විධාන මූලස්ථානය වෙත පිළිගැනීමෙන් අනතුරුව, එම විධානයේ තාවකාලිකව ආඥාපති ධූරය හෙබවූ කොමදෝරු බුද්ධික රූපසිංහ විසින් විධාන මූලස්ථානයේදී නිල වශයෙන් රාජකාරී භාරදීම සිදු කෙරිණි.

රියර් අද්මිරාල් ධම්මික විජේවර්ධන උතුරු නාවික විධානයේ ආඥාපති ධූරයට අමතරව නාවික හමුදා ජල ශාස්ත්‍රීය ප්‍රධානී ලෙසද කටයුතු කරනු ලබයි.

Accessibility Tools