දිවයිනට පැමිණි ‘INS AIRAVAT’ නෞකාව මෙහෙයුම් අවශ්‍යතා සපුරා ගැනීමෙන් පසුව දිවයිනෙන් පිටත්වෙයි
මෙහෙයුම් අවශ්‍යතා සපුරා ගැනීම සඳහා ඉන්දීය නාවික හමුදාවට අයත් ‘INS AIRAVAT’ නෞකාව 2026 ජුනි මස 01 වන දින දිවයිනට පැමිණි අතර, එම නෞකාව 2026 ජුනි මස 04 වන දින මෙහෙයුම් අවශ්‍යතා සපුරා ගැනීමෙන් අනතුරුව දිවයිනෙන් පිටත්ව ගියේය. එහිදී, ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් නාවික හමුදා සම්ප්‍රදායානුකූලව සමුදීම කොළඹ වරායේදී සිදු කෙරිණි.
මෙලෙස දිවයිනට පැමිණි ‘INS AIRAVAT’ නෞකාවේ අණදෙන නිලධාරී සහ බටහිර නාවික විධානයේ ආඥාපති හා ධජ නිලධාරී නාවික දියත් විධානය අතර, නිල හමුවක් බටහිර නාවික විධාන මූලස්ථානයේදී පැවැත්විණි. එහිදී දෙරටේ නාවික හමුදාවන් අතර පවතින ද්විපාර්ශ්වික සහයෝගීතාව සහ අන්‍යෝන්‍ය සබඳතා තවදුරටත් වර්ධනය කර ගැනීම සම්බන්ධයෙන් අදහස් හුවමාරු කර ගැනීමට කටයුතු කෙරිණි.
එමෙන්ම, ඉන්දීය නාවික හමුදාව විසින් ශ්‍රී ලංකා නාවික හමුදාව වෙත අලුත්වැඩියා කට්ටල සමඟ නව නියුමැටික් ෆෙන්ඩර් (Pneumatic Fenders) හතරක් පරිත්‍යාග වශයෙන් ප්‍රදානය කිරීම ද මෙහිදී සිදු කෙරිණි. එම අවස්ථාව සඳහා ‘INS AIRAVAT’ නෞකාවේ අණදෙන නිලධාරී සහ බටහිර නාවික විධානයේ ආඥාපති ඇතුළු නියෝජිත පිරිසක් සහභාගී වූහ.
නෞකාව දිවයිනේ රැඳී සිටි කාලසීමාව තුළ එහි කාර්යය මණ්ඩලය, ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් සංවිධානය කරනු ලැබූ විවිධ වැඩසටහන් සඳහා සහභාගී වූ අතර, ශ්‍රී ලංකා නාවික හමුදා සාමාජිකයන් වෙත නෞකාව නැරඹීම සඳහා ද අවස්ථාව හිමි විය. එසේම, නෞකාවේ කාර්යය මණ්ඩලය මෙරට ආකර්ෂණීය ස්ථාන කිහිපයක සංචාරයක ද නිරත විය.